හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට


- රහස් සාකච්ඡා ඇරැඹේ

සුජිත් හේවාජුලිගේ

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් තම වේදිකාවලට නංවා ගැනීමේ  තරගකාරී වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විසින් ආරම්භ කරනු ලැබ ඇත.

මේ අනුව රජයේ හිටපු උසස් නිලධාරීන් රැසක් එම පක්ෂ වටා දැනටමත්  ඒකරාශී වී සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.


එසේම රජයේ  හිටපු  උසස් නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් දැනටමත් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි ද  දැනගන්නට ඇත. මෙවැනි පිරිස් සිය වේදිකාවලට නංවා ගැනීමෙන් ජන බලය පුළුල් කරගැනීමට ඉඩකඩ සැලසෙනු ඇතැයි එම පක්ෂවල නායකයෝ විශ්වාස කරති.


මේ අතර පසුගිය දා හදිසි අනතුරකින්  අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ ඉදිරි මහ මැතිවරණය  සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂිකාවක ලෙස තෝරා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ. ඒ ගැන සලකා බලාගෙන යන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.