හිටපු ඇමැති පිරිසක් යළිත් ඇමැතිධුර ඉල්ලති


 අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණගැසී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස ඉකුත් බදාදා කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරු කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ.   
තමන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන සමයේ ආරම්භ කළ වැඩසටහන් රැසක් අතරමග නවතා දමන්නට සිදුව ඇතැයි පවසා ඇති ඔවුන් එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද දැනගන්නට ඇත.   


එහිදී කිහිපදෙනකු පෙන්වා දී ඇත්තේ තමන්ට ගම් ප්‍රදේශවලට පවා යාමට හැකියාවක් නොමැති බවය. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් ඇමතිවරුන් සමග සම්බන්ධ වී එම කටයුතුවලට සහාය දක්වන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. එසේ වුවද රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන දිනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කිසිවක් ප්‍රකාශ කර නැති බවද දැනගන්නට ඇත.