හිටපු ඇමැති කිහිප දෙනෙක් විපක්ෂයට?


තැන් කිහිපයක සාකච්ඡා

(සුජිත් හේවාජුලිගේ)   

ඇමැති තනතුරු නොලැබුණු හිටපු ඇමැතිවරුන් කිහිප දෙනෙක් විපක්ෂයට බිලී බා ගැනීම සඳහා රහසිගත සාකච්ඡා ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

ඇමැති තනතුරු නොලැබීමෙන් හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකු දැඩි සේ කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. කලකිරුණු හිටපු ඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පක්ෂ නායකයන්ට දැනටමත් දැනුම්දී ඇත. එසේම සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා සඳහා එම හිටපු ඇමැතිවරුන්ගේ සහය ලබා ගැනීමටද අවශ්‍ය කටයුතු අරඹා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.   


මෙයට අමතරව ආණ්ඩුව ගැන කලිකරුණු ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද විපක්ෂයට එක් කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.   
මේ අතර හිටපු ඇමැතිවරුන් විශේෂ උපදේශක මණ්ඩලයක් සඳහා පත් කිරීමට රජයේ විශේෂ අවධානය යොමුවී ඇත.