සෞදි තෙල් මෙහෙන් බෙදන වැඩක්


අංජුල මහික වීරරත්න

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙඳාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ය. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා  තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේ දී සාගල රත්නායක මහතා මුණගැසී  ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් ගැන දැනුම් දී ඇත.


එහිදී මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව දන්වා තිබේ.