සැප්තැම්බර් දක්වා වැසි නෑ


නියං සමය එල්නිනෝ නිසා

උපුල් වික්‍රමසිංහ

නිරත දිග මෝසම සැප්තැම්බර් දක්වා පවතින හෙයින් ඒ දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
 
මේ සති අන්තයේදී නැගෙනහිර, ඌව පළාත්වලටත් මුලතිව්, වව්නියාව දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බවද කීවේය.
පවතින එල්නිනෝ තත්ත්වය නිසා වැසි තත්ත්වයේ අඩුවක් අපේක්ෂා කළ හැකි බව කී ඒ මහතා, දෙවැනි අන්තර් මෝසමෙන් සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් ඒ අනුව ලබන ඔක්තෝබර් වන විට වැසි පතිත වනු ඇති බවත් කීවේය.