සාපෙළ A 9 ගත්තෝ 13,588 ක්


 

සුජිත් හේවාජුලිගේ

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමාධි අනුරාධා රණවක සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු ස්ථානය ලබාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.


යාපනය වෙම්බඩි බාලිකා විද්‍යාලයේ ආක්ෂෙයා ආනන්ද සායනන් සිසුවිය දෙවැනි ස්ථානයද, කොළඹ රාජකීය විද්‍යාලයේ අරිත මින්සදු අලහකෝන් සිසුවා තුන්වැනි ස්ථානයද, හිමිකරගෙන තිබේ. 13,588 ක් සියලු‍ම විෂයන්ට ඒ 9 ලබා ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීය.


මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 245,521ක්  එනම් සියයට 72.07ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවත් පෙර වර්ෂයේදී එම අගය සියයට 62.63 ක් බවත් අමාත්‍යවරයා පැවසීය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 472,553ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 394,450ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103ක් ඇතුළත් විය. මේ අතර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් හෙට (4) සිට 18 වැනිදා දක්වා සිදු කෙරේ.