සල්ලි නැතිව ගෑස් නැව සිකුරාදාත් මුහුදේ


සති අන්තයේත් ගෑස් බෙදන්න බැරිවෙයි

දයාසීලි ලියනගේ

ලිට්‍රෝ සමාගම මෙරටට ආනයනය කළ ගෑස් නෞකාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල සිකුරාදා දහවල් වනවිටත් ගෙවීමට ​නොහැකි වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් නොගෙවීම නිසා ගෑස් ගොඩබෑම තවත් ප්‍රමාද වී ඇත.  


ගෑස් රැගත් නෞකාවක් ඉකුත් 8 වැනිදා කොළඹ වරායට පැමිණි බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය. එහෙත් එම නෞකාවේ ගෑස් ගොඩබෑම සඳහා මුදල් සොයාගත නොහැකිව තිබිණි.  


මීට අමතරව ඉන්ධන රැගත් නැව් දෙකක් සඳහා ද සිකුරාදා වනතුරුත් මුදල් ගෙවීමට නොහැකි වී ඇත. මෙම නෞකා තුන සඳහාම අවශ්‍ය මුදල් කඩිනමින් ගෙවීමට සැලසුම්කර ඇති බව ද ඔහු කීය.  


මුදල් නොගෙවීම නිසා ඉන්ධන හා ගෑස් බෙදා හැරීමට නොහැකිවීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අසීරුවට පත්වී ඇති අතර පොලිම් එන්න එන්නම දිගුවෙමින් පවතින බවද සඳහන් වේ.