සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) වත්මනෙහි පවතින ආකාරයට පවත්වාගෙන යද්දී එහි භාරකාරත්වය මහපොළ භාරකාර අරමුදලට ගැනීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී පෙරේදා (11දා) පැවසීය.
ඒ හරහා ලැබෙන ආදායමෙන් මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීමටත් ස්ලිට් ආයතනයේ දරුවන්ට සහනදායි පාඨමාලා හඳුන්වාදීමටත් පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.
ස්ලිට් එක අයිති මහපොළට වුවත් අවසානයේදී නීති විරෝධී ගිවිසුමක් ගසා ස්ලිට් එකේ මුදල්වලින්ම භාරකරුවකු ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. මෙය බරපතළ අපරාධයක් බවත් හිටපු කැබිනට් මණ්ඩලය මීට වගකිවයුතු බවත් සමරසිංහ මහතා පැවසීය
සියලු විරෝධතා නොසලකා කැබිනට් මණ්ඩලය තීරණය ගෙන ඇති හෙයින් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් කෝප් කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට නිර්දේශ ලබාදී ඇති බවත් අමාත්‍යවරයා කීය.
ජනාධිපති කොමිසම කියූ නිලධාරීන් මෙයට වගකිවයුතු බවද ඔහු පැවසීය.