සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැති පුටුවලට ලොකු පොරයක්


පොහොට්ටු පිරිසක් ඇමැතිධුර ගන්න වෙන මාර්ගයක

සුජිත් හේවාජුලිගේ   

සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැති පුටුවලට ලොකු පොරයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් තම පක්ෂවලට ලැබිය යුතු ඇමැති ධුර ප්‍රමාණ සම්බන්ධයෙන් රජයට කරුණු පෙන්වා දී ඇත.  

සර්ව පාක්ෂික....
එනමුත් ඒ ප්‍රමාණ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් තවමත් ලැබී නැතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් කනස්සල්ලක පසුවන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.   


මේ හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිධුර බෙදීමේ දී ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඉදිරියේ දී මතුවනු ඇතැයි දැනගන්නට ඇත.   


මේ අතර තවත් දේශපාලන පක්ෂ සර්වපාක්ෂික ආණ්ඩුවේ විවිධ තනතුරු දැනටමත් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.   


එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ පිරිසක් එම පක්ෂය සමග කටයුතු කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දායක වීමට කටයුතු කරන අවස්ථාවේ සමහරුන් එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී ඇමැතිධුර ලබා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව කියති.