සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ඇරයුම්


(අජන්ත කුමාර අගලකඩ) 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්, පාර්ලිමේන්තුවේ සියලු‍ පක්ෂවලට ආරාධනා කර, සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ 


රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර ඇත.