සර්ව පාක්ෂික යෝජනාවට සජබෙ මත ගැටුම්


ආණ්ඩුවට යන්නත් පිරිසක් කැමතියි

දයාසීලි ලියනගේ  

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බරපතළ මත ගැටුමක් පවතින බව වාර්තාවේ.  


මෙම මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකගේ මතය වී ඇත්තේ සර්ව පාක්ෂික රජයකට සහාය දැක්විය යුතු බවය.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් ප්‍රකාශ කර සිටියේ රජයේ මර්දනයට එරෙහිව තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහාය නොදෙන බවයි.

එහෙත් පක්ෂයේ බහුතරයකගේ අදහස වී ඇත්තේ රට පත්වී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ දේශපාලන හෝ පෞද්ගලික අමනාපකම් අත්හැර මේ අවස්ථාවේ සර්ව පාක්ෂික රජයකට සහාය දැක්විය යුතු බවය.  


එසේ නොවුන හොත් සමගි ජන බලවේගය කෙරෙහි ජනතාව දැඩි අප්‍රසාදයක් පළ කරනු ඇතැයි නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දුන් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


කෙසේ වෙතත් අවසන් තීරණයක් ගැනීම සඳහා සමගි ජනබලවේගය ලබන සතියේදී රැස්වන බවද ඔහු ප්‍රකාශ කළේය.