සමගි ගොවි ප්‍රඥප්තිය 29 දා එළිදකී


(දයාසීලි ලියනගේ)  

සමගි ජනබලවේගයේ ගොවි ප්‍රඥප්තිය මේ මස 29 වැනිදා පොළොන්නරුවේ දී ප්‍රකාශයට පත් කෙරේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවි ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරනු ලබන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.

සමගි ජනබලවේගය රජයක් යටතේ ගොවිතැනට ලබාදෙන ස්ථාන, ගොවියාට ලැබෙන පහසුකම් ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී එළි දක්වන බවද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.