සත විසිපහට සීනි බදු අඩු කිරීමේ අලාභය බිලියන තිස්පහයි


සමගි ජන බලවේග මහලේකම් කියයි  

 

(දයාසීලි ලියනගේ)   

සීනි බද්ද සත 25 දක්වා අඩු කරනු ලැබූ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට පසුගිය ජූලි මාසය දක්වා රජයට සිදුවූ අලාභය රුපියල් බිලියන 35ක් බව අලුතෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.   
මහ බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥයන් පිරිසක් මෑතකදී කරන ලද සොයා බැලීමේදී මේ බව අනාවරණය වූයේ යැයි  සමගි ජනබලවේගයේ මහ​ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.   

පසුගිය වසරේ සීනි මෙට්‍රික් ටොන් 266,000ක් ද මේ වසරේ මෙට්‍රික් ටොන් 433,000ක් ද ආනයනය කර ඇති නිසා සමස්ත සීනි ආනයනය සම්බන්ධයෙන් කරන ලද ගණන් බැලීමේදී රජය මෙම පාඩුව ලබා ඇති බව ඔවුන් පෙන්වා දී ඇතැයි ඔහු කීය.   


ඒ අනුව ආනයන බද්ද සත 25 දක්වා අඩු කිරීමේ පාඩුව රුපියල් බිලියන ද‌ාසයක් නොව බිලියන 35ක් බව ද මද්දුම බණ්ඩාර මහතා කීය.