සජබ ප්‍රතිසංවිධාන අරඹයි


නිමල කොඩිතුවක්කු

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු සියලු මැතිවරණවලට නව ජවයකින් ඉදිරිපත් වීම සඳහා  සමගි ජනබලවේගයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කළ බව එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන ගණනාවක් මේ වෙනවිට ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීම සහ නව සමාජිකයන් බඳවා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක බවත් අත්තනායක මහතා සඳහන් කළේය.


මෙහි තවත් අදියරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු 2 සහ 3 ගම්පහ දිස්ත්‍රිකයේ ආරම්භ කරන බවත් ඔහු කීවේය.
මේ අතර,  මූලික කාරණා 27 ක් ඔස්සේ, සමගි ජන බලවේගයේ ඉදිරි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බවත් අත්තනායක මහතා කීවේය. ඒ සඳහා ඉදිරි කාලයේ දී ජනතා අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.