සජබ තීරණය පක්ෂයේ සාකච්ඡාවකින් පසු


(දයාසිලි ලියනගේ)

සර්ව පාක්ෂික රජයකට සහභාගි ​ෙවනවාද? නැද්ද යන්න පිළිබඳව පක්ෂයේ සාකච්ඡාවකින් පසු තීරණය කරනු ලබන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.

මෙවැනි රජයකට සහභාගිවන ලෙසට ගිය සිකුරාදා සවස් වනතුරු තම පක්ෂයට ආරාධනයක් නොතිබූ බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.  

 

සමගි ජන බලවේගය මුල සිටම තීරණය කර තිබුණේ ජනාධිපති හා අගමැති දෙදෙනාම ඉවත් වියයුතු බව කී ඒ මහතා නව වාතාවරණය පිළිබඳව පක්ෂය තීන්දුවක් ගන්නා බවද ප්‍රකාශ කළේය.