ස.ජ​.බෙන් ජා.ජ.බ. ආර්ථික කමිටුවට අභියෝගයක්


නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ හැකි නම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ජාතික ජනබලවේගයේ ආර්ථික කණ්ඩායමට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා,  ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් වැනි දක්ෂ පිරිසක් සිටින බවත්, ජාතික ජන බලවේගයේ  ආර්ථික කවුන්සිලයේ සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසට මෙම ආරාධනාව සිදුකරන බවත් බණ්ඩාර මහතා පැවසීය.
ජාතික ජන බලවේග ආණ්ඩුවකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළත්, ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේ දැයි ඔවුන් තවම පවසා නැති බවත් ඔහු සඳහන් කළේය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික නොවන බවත්, ඔවුන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කරන්න හැකි දක්ෂ කණ්ඩායමක් ජාතික ජන බලවේගය සතුව නැති බවත් නලින් බණ්ඩාර මහතා කීවේය.