ස.ජ.බ. ලොක්කෙක් පෙරටුගාමී පක්ෂයෙන් මහ ඡන්දෙට


සුජිත් හේවාජුලිගේ

සමගි ජන බලවේගයේ කැපීපෙනෙන නමගිය පුද්ගලයකු පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 

මේ සම්බන්ධයෙන් ඒ පක්ෂය එම ප්‍රබලයා සමග දැනටමත් යම් එකඟතාවයකට ද පැමිණ සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 


අරගලය පිළිබඳ කාරණයේදී මේ පුද්ගලයා පක්ෂයේ මතයට පිටින් කටයුතු කර ඇතැයි පැවසෙන අතර ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය තුළ ද ඔහු දැඩි විවේචනයට ලක්විය. එසේම මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය සහ අදහස් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද දැඩි විවේචනයට ලක්ව ඇත. 


මේ අතර ව්‍යවස්ථා විරෝධී ආකාරයට ඔහු කර ඇතැයි පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාව ගැන මේ දිනවල සොයා බලා ගෙන යන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.