ශ්‍රීලනිපයේ මූලිකත්වයෙන් නව සන්ධානයක් ගොඩනගනවා


පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කළා 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන 

(අජන්ත කුමාර අගලකඩ) 

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩනඟන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් වාමවාදී සහ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. රටට ගැළපෙන නව ප්‍රතිපත්ති මාලාවක් සහ අලූත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කී හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා වන මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය. 


ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව දේශපාලන පත්වීම් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් එකක් ලබාදෙන බවට ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර කලින් අත්සන් කළ ගිවිසුමෙන් එකඟවී තිබූ නමුත් තුනෙන් එකක් තබා නවයෙන් එකක්වත් නොලැබුණු බව ඔහු සඳහන් කළේය.