ශ්‍රීලංකා - ඉන්දියා අවසන් සටන


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉරිදා (17දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙයි. 


ආසියානු කුසලානය වෙනුවෙන් පැවති තරගාවලි 15 කදී ඉන්දියාව අවස්ථා 7 කදීත් ශ්‍රී ලංකාව අවස්ථා 06 කදීත් ශූරතාව දිනා ගෙන ඇති අතර අවසන් වතාවට 2022 දී පැවති තරගාවලිය ජයගත්තේත් ශ්‍රී ලංකා කණ්ඩායමයි. 


විස්සයි20 තරගාවලියක් ලෙස පැවති එම තරගාවලියේ දුර්වල කණ්ඩායමක් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව ශූරයන් ලෙස තරගාවලිය නිම කළ අතර, මෙවරද සිව්වැනි ස්ථානයේ සිටින කණ්ඩායම ලෙස තරගාවලියට පිවිස සුවිශේෂ දස්කම් දක්වා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.