ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය අදයි


සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් සාලියපුරදී

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය අදට (10) යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන සම්මාන පෙළපාලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද (10) පැවැත්වේ. ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ කරන ලද්දේ 1949 ඔක්තෝබර් 10 වැනිදාය.