වෘත්තිකයන් දහස් ගණනක් රට හැර යන සූදානමක


සමහරු විභාගවලටත් ඉඳලා 

සුජිත් හේවාජුලිගේ

දැඩි ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් නීතිඥවරුන් ඉංජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් විදේශයන්හි විවිධ වෘත්තීන් සඳහා දැනටමත් අයදුම්පත් යොමු කර ඇතැයි වාර්තා වේ. 

එසේම වෘත්තිකයන් තවත් විශාල පිරිසක් රට අතහැර යෑමේ සූදානම්ව සිටින බවද ඒ ඒ ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. වෘත්තිකයන් මෙසේ රට අතහැර ගියහොත් රටේ පැවැත්මට එමගින් විශාල බලපෑමක් සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.   


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ වෛද්‍ය උපාධිය හදාරන තරුණ තරුණියන් අවසාන විභාගයේදී එංගලන්තයේ රස්සාවකට පාර විවෘත වන විභාගයටද එකවර පෙනී සිටින බවයි. ඔවුන්ගේ අරමුණ විභාගය අවසන් වූ ගමන්ම විදේශ ගතවීම බවද හෙතෙම සඳහන් කළේය.   


වෛද්‍ය වෘත්තිකයන්ගේ මෙම උත්සාහය සම්බන්ධයෙන් අප කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි උත්සාහයක් පවතින්නේ යැයි තමා පිළිගන්නා බවයි.