සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා (24) පස්වරුවේ පරාජයට පත්විය.
යෝජනාවට විරුද්ධව ඡන්ද 152 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 36 ක් පමණි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

