වියත්පුරෙන් ගෙවල් ගත් ප්‍රභූන්ට රජයෙනුත් ගෙවල් කුලී දීමනා


දයාසීලි ලියනගේ  

වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි දේශපාලනඥයන් සඳහා එක් අයෙකුට නිවාස කුලිය වශයෙන් මහාභාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 7 බැගින් ගෙවද්දී ඇතැම් අය ගෙවල් කුලිය වශයෙන් රජයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා ගන්නා බව වාර්තා වේ.  

මෙම මුදල් ගෙවීම් සම්බන්ධයෙන් එකිනෙකට සම්බන්ධීකරණයක් නොවීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව දැනගන්නට ඇත. මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස මුදල් අමාත්‍යංශය තරයේ උපදෙස් දී ඇතත් දේශපාලනඥයන්ට ගෙවල් කුලී ගෙවීම සම්බන්ධයෙන් නිසි සම්බන්ධීකරණයක් නොපවත්වන බව මුදල් අමාත්‍යංශය පෙන්වා දී ඇත.  
මෙවැනි මුදල් ගෙවීම් පිළිබඳව වහාම සමීක්ෂණයක් කර නිවැරදි කරන ලෙසටද මුදල් අමාත්‍යංශය නියම කර ඇති බව වාර්තා වේ.