විදුලි බල මණ්ඩලයේ සේවක තිස්දාහට බිලියන 4ක මාසික වැටුප්


බලාගාරවල සේවකයන්ට විදුලිය හදනවාටත් දීමනාවක්

දයාසීලි ලියනගේ 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු සේවකයන් 30,000ක පිරිසකට වැටුප් ගෙවීම සඳහා මාසයකට රුපියල් බිලියන 4ක මුදලක් වැයවන බව වාර්තාවේ.


මෙම ‌මාණය වසරකට රුපියල් බිලියන හතළිස් අටකට ආසන්න බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

විදුලිබල මණ්ඩලයේ ඉහළ ශ්‍රේණිවල නිලධාරින්ට සියයට 136කින් වැටුප් ඉහළ දැමීමක් සිදුකළ අතර මෙයට අමතරව වෘත්තීය සමිති හා ආයතනය අතර පවත්නා ගිවිසුමකට අනුව සෑම වසර 3 කට වරක් පොදුවේ වැටුප් වැඩිවීමක්ද සිදු කෙරේ.   


මීට අමතරව බලාගාරවල විදුලි උත්පාදනය සඳහාද ඒවායේ සේවකයන්ට රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා වූ දීමනාවක් ගෙවනු ලබන්නේ ඔවුන්ගේ වැටුපට අමතරවය. 


විදුලිබල මණ්ඩලයේ වාර්ෂික මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 23ක් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.