වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදියා


ශ්‍රී ලංකා කර්තෘ සංසදය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමඟ එක්ව සංවිධානය කළ ‘ජනමාධ්‍ය විශිෂ්ටතා 2022’ සම්මාන උළෙල පසුගිය අඟහරුවාදා ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැත්වුණි. මෙහිදී වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදියා ලෙස සිලෝන් ටුඩේ පුවත්පතේ සුලෝචනා රාමයියා මොහාන් මහත්මිය සම්මාන ලැබුවාය. 


මෙම සම්මාන උළෙලේ දී විජය පුවත්පත් සමාගම සම්මාන 13 කට හිමිකම් කියූ අතර ලංකාදීප පුවත්පතට ඉන් සම්මාන 3 ක් ලැබිණ. 


(වැඩි විස්තර 7 පිටුවේ)