වරායට ගිය වසරේ කෝටි 1197 ක ඕටී ගෙවලා


මෙහෙයුම්වලට නැති අයටත් කෝටි අනූ දෙකක්

  • විගණන වාර්තාවක් හෙළි කරයි

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් වෙනුවෙන් අතිකාල දීමනා වශයෙන් රු. කෝටි 1197 කට ආසන්න මුදලක් පසුගිය වසරේ දී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ. 

එසේම අධිකාරියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සෘජුව  සම්බන්ධතාවක් නොදක්වන කොට්ඨාස දහයක සේවකයන් සඳහා  පමණක්  පසුගිය වසරේ දී අතිකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 92 කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.


මේ අතර තනතුරු 86 කට අදාළව අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 914 දෙනකු සේවයේ යොදවා තිබුණ ද අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධතාවක් දක්වන කොට්ඨාසයන්හි සේවකයන් 726 දෙනකුගේ පුරප්පාඩු පවතින බව විගණන නිලධාරීන්  නිරීක්ෂණය කර ඇත. මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.