ලිට්‍රෝ ගෙන්වූ ගෑස් ටොන් 3000ක් ගොඩබෑම අත්හිටුවයි


(දයාසීලි ලියනගේ)  

ලිට්‍රෝ සමාගම මගින් ගිය සතියේ නෞකාවකින් ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික්ටොන් 3000ක් ගොඩබෑම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.  


එම ගෑස් සාම්පල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාර දෙකකට යොමු කර ඇති අතර එම වාර්තා ලැබෙන තෙක් මෙම ගෑස් ගොඩබෑම අත්හිටුවා ඇති බැවින් තාවකාලිකව ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

සංයුතියේ වෙනසක් තිබුණොත් මෙම නෞකාව ආපසු යැවීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය.  
මේ අතර ඉකුත් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ගෙන්වන ලද ගෑස් බෙදීම තාවකාලිකව නතර කිරීම හා දැනට ගෙන්වා ඇති නෞකාවට ප්‍රමාද ගාස්තු ගෙවීමටත් සිදුවන නිසා ලිට්‍රෝ සමාගමට අතිවිශාල අලාභයක් සිදුවී ඇති බවද ඔවුන් රජයට ප්‍රකාශ කර ඇත.  


මේ වන විට ගෑස් පිපිරීමට ලක් වූ නිවාස හා අනෙකුත් ස්ථානවල අලාභය ගණන් බලා ඔවුන්ට වන්දි ගෙවන ලෙසට රජයෙන් ඉල්ලා සිටි බවද සමගි ජනබලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.