ලංකාව ලෝකෙට කෝටි එක් ලක්ෂ තිස් හත් දාහක් පොලු තියලා


ණය ගෙවන්න යන කාලය වසර 40ක්

සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වනවිට විදේශයන්ට ගෙවීම පැහැර හැර ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ තිස් හත් දහස් දෙසිය තිස් දෙකක් (ඩොලර් මිලියන 4229.7) බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල සඳහන් වේ.

ශ්‍රී ලංකාව දැනට ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවා අවසන් කිරීමට වසර හතළිහක් පමණ ගතවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට  පැවසීය.


විදේශයන්ට ගෙවීම පැහැර හැර ඇති මෙම ණය අතර ද්වීපාර්ශ්වීය ලෙස ගත් ණය සියයට 39 ක්ද වාණිජ වශයෙන් ගත් ණය සියයට 61 ක්ද වන බව මහාචාර්යවරයා කීවේය.
මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට රජයේ  මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,802,000 ක් (බිලියන 28,020) බව මහා බැංකු වාර්තාවල දැක්වෙන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.


ඊට දේශීය ණය රුපියල් කෝටි 1,661,800ක්ද (බිලියන 28,020) විදේශීයව ගත් ණය රුපියල් කෝටි 11,400,200 ක්ද ඇතුළත් වෙතියි වසන්ත අතුකෝරළ මහතා කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර සංචිත හා විදේශ මුදල් ද්‍රවශීලතාව පිළිබඳව සලකා බලන විට එම ප්‍රමාණය පැහැර හැරිය ණය ප්‍රමාණයට වඩා අඩු බව අතුකෝරළ මහතා කීවේය.