රෝහිත සභාපති නම් විපක්ෂය කෝප් එන්නේ නෑ


සුජිත් හේවාජුලිගේ


පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉවත්වූ මන්ත්‍රීවරුන් වෙනුවට නව සාමාජිකයන් පත්කරන්නැයි  පාර්ලිමේන්තුව විපක්ෂ නායක කාර්යාලයට කළ දැනුම් දීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටුවේ සභාපති පුටුවේ සිටින තුරු විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් නම් නොකරන බවයි.
කෝප් කමිටුව සාමාජිකයන්  31 දෙනකුගෙන් සමන්විත වෙයි.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 19 දෙනෙකු  සහ විපක්ෂයේ සාමාජිකයෝ දොළොස් දෙනෙක් මෙතෙක් ඊට ඇතුළත් වූහ. ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් ගණන 18 ක් දක්වා ද විපක්ෂයේ සාමාජිකයන් ගණන අටක් දක්වා ද අඩු වී ඇත. කෝප් කමිටුව රැස්වීම සඳහා සිටිය යුතු අවම සාමාජික සංඛ්‍යාව (ගණ පූර්ණය) පහකි.