රාජ්‍ය සේවයේ පුරප්පාඩු 50,000 ක් නිසා වැඩ අඩාළ වෙයි


ඉන්දික හේවාවිතාරණ

රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන පුරප්පාඩු  50,000කට ආසන්න ප්‍රමාණය සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා රාජ්‍ය සේවයේ කටයුතුවලට දැඩි ලෙස බලපෑම් සිදුවෙමින් තිබෙන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

කළමනාකරණ සේවයේ පුරප්පාඩු 8000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, මේ නිසා රාජකාරි ලිපියක් සකස් කිරීමේ කටයුතු වලට පවා බලපෑම් සිදුවෙමින් තිබෙන බවත්, මීට අමතරව අධ්‍යාපන අනධ්‍යයන සේවයේ පුරප්පාඩු 12000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
පාසල් මුරකරු සේවයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, මේ නිසා සමහර පාසල්වල මුරකරුවන් ලෙස සේවය කරනු ලබන්නේ එක් පුද්ගලයකු පමණක්  බවත් මුරකරුවන් හත අටක්  සේවය කළ යුතු සමහර පාසල්වල සේවය කරන්නේ මුරකරුවන් තුන් හතර දෙනෙකු පමණක් බවත් පවසා සිටියේය.