රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සියල්ල නවතයි


(දයාසීලි ලියනගේ)  සියලු

අමාත්‍යාංශවලට හා රාජ්‍ය ආයතනවලට අලුතෙන් ​සේවකයන් බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර තිබුණත් ඒ සියල්ල අත්හිටුවන ලෙසට භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සියලුම ආයතන ප්‍රධානීන්ට නියම කර ඇත. 

බොහොමයක් ආයතනවලට කාර්ය මණ්ඩල සඳහා අලුතෙන් සේවකයන් බඳවා ගැනීමට මේ වන විට සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරා ගැනීමද සිදු කර ඇති අතර පත්වීම් ලිපි ලබාදීමට පමණක් ඉතිරි වී තිබූ බව සඳහන් වේ.  


ඇතැම් බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීමේදී මුදල් අයකර මුද්දර ගසා තිබූ බවද කියති.  
ඒ සියල්ල සිදුවී තිබුණත් මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තබන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නියම කරනු ලැබ තිබේ.