රාජ්‍ය ආයතන වියදම් දැඩි ලෙස සීමා කරයි


(අජන්ත කුමාර අගලකඩ)    

රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.  ඒ අනුව රාජ්‍ය ආයතනවල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය සියලු‍ම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. 


මේ අතර රාජ්‍ය ආයතනවලට අලු‍තින් සේවකයන් බඳවා ගැනීම ද නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබේ.  

කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩුවීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.  


මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලු‍ම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඉකුත් සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙස දැනුම් දී ඇත. 
රජයේ ආයතනවල අතිරේක වියදම්  කපා හරින ලෙසත්  සේවකයන් වැඩි නොකරන ලෙසත් මුදල් ඇමැතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී තිබේ.