රාජ්‍ය ආයතන 32ක් ‘‘සුදු අලි’’ වෙලා


අංක එක ශ්‍රී ලංකන්   

(සුජිත් හේවාජුලිගේ)   

මෙරට බරපතළ පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැග ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි.    

මින් වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර්ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීයකි. මීට අමතරව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සතොස යනාදිය ද බරපතළ පාඩු ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇතැයි එම කමිටුව සඳහන් කරයි.   
මෙම ආයතනවලින් බහුතරයක් පාඩු ලැබීමට හේතු වී ඇත්තේ පසුගිය රජය සමයේදී එම ආයතනවල සිදුවූයේ යැයි කියන දූෂණ අක්‍රමිකතා සහ කාර්ය සාධනයේ අඩුපාඩු බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි කෝප් කමිටු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර කොරෝනා තත්ත්වය නිසා ඇති වූ ආර්ථිකමය බලපෑම් ද මෙම ආයතන යම් යම් ආකාරයට පාඩු ලැබීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.