රන් මිල ඉහළ යෑමෙන් පසු රන් බඩු උකස් කිරීම දෙගුණයකින් වැඩිවෙලා


නිමන්ති රණසිංහ

අධික ආර්ථික අහේනිය හේතුවෙන් ජනතාව සිය ස්වර්ණාභරණ බැංකුවල සහ උකස් මධ්‍යස්ථානවල උකසට තැබීම සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇතැයි බැංකු ආරංචි මාර්ගවලින් පැවැසෙයි. මේ හේතුවෙන් බොහෝ බැංකු සහ උකස් මධ්‍යස්ථානවල රන් බඩු උගසට තබන අයගේ දිග පෝලිම් ද පසුගිය දිනවල දැකගත හැකි විය.

මේ අතර උකසට තබන ස්වර්ණාභරණ බේරා නොගැනීම නිසා සින්නවීම්ද වැඩිවෙන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පෙන්වා දෙන බැංකු නිලධාරීහු ආර්ථික ප්‍රශ්න උග්‍රවීම මීට ප්‍රධාන හේතුව බවද සඳහන් කරති.  


සමීක්ෂණයකදී හෙළිවූ තොරතුරු අනුව රටපුරා ජනතාව 2022 ජනවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා පළමු මාස 10 තුළ පමණක් ස්වර්ණාභරණ උගසට තබා ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 19,400කි. එය ඉන් පෙර වසරවලට සාපේක්ෂව සියයට තිස් හතරක පමණ වැඩිවීමක් බව පැවැසේ.