රට සිටින ලාංකිකයන්ට වාහනයක් ගේන්න ඉඩ?


බදු මුදල ගෙවීම ඩොලර්වලින්

(දයාසීලි ලියනගේ) 

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට වාහනයක් මෙරටට ගෙන ඒමටත් අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමටත් අවස්ථාව ලබා දෙන ලෙසට ඉදිරිපත් වී ඇති යෝජනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟතාවක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවයි. 


මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් වාහන මිල ගණන් පහළ යන අතර රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙන බව ද ඒ මහතා කීය.