රජයේ රෝහල් වල අභ්‍යන්තර අක්ෂි කාච හිඟයක්


නදීශා අතුකෝරාළ

ඇසේ සුද සඳහා ප්‍රතිකාර කිරීම සහ අක්ෂි බද්ධ කිරීම හරහා විවිධ පෙනීමේ ගැටලු විසඳීමට සාමාන්‍යයෙන් භාවිතා කරන අභ්‍යන්තර අක්ෂි කාචවල හිඟයකට සෞඛ්‍ය අංශ මේ වන විට මුහුණ දී සිටින බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියෙක් පවසයි.

ලංකාවෙ දැනට පවතින ඖෂධ ප්‍රමාණය දැනගැනිම සදහා භාවිතා වන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ‘ස්වස්ථා’ වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාවේ වෛද්‍ය සැපයුම් අංශය සහ රෝහල් ඖෂධ  තොගවල  අභ්‍යන්තර අක්ෂි කාච සම්පූර්ණයෙන්ම නොමැති බව වාර්තා වෙයි.


පවතින හදිසි තත්ත්වය හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රැපියල් මිලියන නවයක් වටිනා අභ්‍යන්තර අක්ෂි කාච ලබා ගැනීමට කඩිනම් පියවර ගෙන ඇතත්,
එම මිලදි ගැනීම සදහා මාස කිපයක් යා හැකිබව ආරංචි මාර්ග පවසයි. එතෙක් රෝහල්වල අක්ෂි කාච හිඟයක් පවති.