රජයේ ඉහල පුටුවල විශ්‍රාමිකයෝ 800 ක්


දයාසීලි ලියනගේ  

විශ්‍රාමික රජයේ නිලධාරීන් 800කට අධික පිරිසක් අමාත්‍යාංශ රාජ්‍ය ආයතන හා පළාත් සභාවල රජයේ සේවයේ යොදවා සිටින බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත.  


මෙම නිලධාරීන් බොහොමයකට වැටුප් දීමනා ඉන්ධන දීමනා වාහන ඇතුළු සියලු පහසුකම් හිමිවී ඇති බවද සඳහන් වේ.  

උද්ධමනය හේතුවෙන් රාජ්‍ය වියදම් ඉහළ යන අතර දැඩි පාලනයකින් යුතුව රාජ්‍ය වියදම් දැරීමට කටයුතු කළයුතු බව භාණ්ඩාගාරය මගින් උපදෙස් දී තිබියදීත් බොහොමයක් රාජ්‍ය ආයතන එම උපදෙස් නොසලකා ක්‍රියාකර ඇති බව වාර්තා වේ.  


මෙම විශ්‍රාම ගිය නිලධාරීන් 800 කට අධික පිරිස සඳහා මසකට රුපියල් කෝටි 80කට අධික මුදලක් වැය කරන බවද සඳහන් වේ.