රජය කුලියට ගත් වාහන 250කට දිව්වේ නැතත් මාසික කුලිය ගෙවලා


දයාසීලි ලියනගේ

රාජ්‍ය ආයතනවලට කුලී පදනම මත ලබාගෙන ඇති වාහන 250ක පමණ සංඛ්‍යාවක් ඉන්ධන නොමැතිව ධාවනය නොකර ගාල් කර තිබුණත් මාසිකව කුලී ගෙවන බව වාර්තා වේ.

ඇතැම් ආයතනවලට කුලී පදනම මත වාහන 10ක පමණ ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර මෙම එක් වාහනයක මාසික කුලිය රුපියල් ලක්ෂ 2 ඉක්මවා ඇති බවද සඳහන් වේ.   


රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වියදම් සීමා කරන ලෙසටත් වාහන පාවිච්චිය සීමා කරන ලෙසටත් මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබියදීත් බොහොමයක් රාජ්‍ය ආයතන එම උපදෙස් නොසලකා හරිමින් අමාත්‍යාංශවල කුලී වාහනවලට මුදල් ​ගෙවමින් ගාල් කර තිබෙන බවද සඳහන් වේ.