මෙදා ශිෂ්‍යත්වයට ලක්ෂ 3 ක්


සුජිත් හේවාජුලිගේ 

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) ඉරිදා පැවැත්වේ. ශිෂ්‍යත්වය සඳහා මෙවර ලක්ෂ තුනකට අධික සිසු දරු දැරියන් පිරිසක් පෙනී සිටින බව  විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. පාසල්වලට තෝරාගැනීම  මෙන්ම  ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම මෙම විභාගය සමත්වන සිසු දරුවන්ට ලැබෙන වරප්‍රසාද බවද  ඔහු සඳහන් කළේය.