මිහින්තලේ විදුලි බිල සජිත් මැදිහත්ව ගෙවයි


රුපියල් ලක්ෂ 41 ක හිඟ මුදලක් ගෙවීමට තිබීම හේතුවෙන් විදුලිය විසන්ධි කෙරුණු මිහින්තලා පුදබිමේ විදුලි බිල සම්පූර්ණයෙන් ගෙවා දැමීමට සජබට හිතවත් ව්‍යාපාරිකයකුගේ මැදිහත් වීම මත සිදුව තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (4දා) මිහින්තලේ පූජා භූමියේ විදුලිය විසන්ධි කිරීමත් සමගම එම විදුලිය බිල ගෙවා දැමීමට සජබට හිතවත් ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු ඉදිරිපත්ව ඇති අතර එක් අයෙකු එම හිඟ මුදල් ගෙවා මිහින්තලේ පූජා භූමියේ විදුලිය සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ.