මිලින්ද ආපසු එයි


ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතා ගේ නිල කාලය අවසන් වන අතර වසර දෙකකට කැබිනට් බලතල සහිතව පත් කරන ලද හෙතෙම ලබන ඔක්තෝබර් 01 දින නැවත ආපසු පැමිණෙනු ඇති බව අනාවරණය වේ.

2021 වසරේ අගෝස්තු මාසයේ දී ධුරය භාරගත් හෙතෙම ඉන්දියාවේ පිහිටු වූ දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාශ්ට්‍ර ක්‍රමෝපාය 2021 - 2023 සැලැස්ම ප්‍රකාශයට පත් කළේය. විවිධ ක්ෂේත්‍ර අලලා ද්වීපාර්ශවික සැලැස්මක් එයින් අනාවරණය කර තිබුණි.


ශ්‍රී ලංකාව ඉතාම දුෂ්කර කාලවකවානුවක පසුවන අතරතුර ඉන්දීය සහාය සහිතව කුලුනු සතරකින් යුතු ආධාර වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන්නට සමත් වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරය සමග ආර්ථීක හා ආයෝජන ක්‍රමෝපාය අලලා ද්වී පාර්ශ්වික සම්බන්ධතා ඇති කරන පුලුල් වැඩසටහනකට ද පසුබිම සකස් කරන ලදී.