මැතිසබයේ ලොකු කමිටු කිහිපයක මුල් පුටු ගැලවේ


තේරීම් කාරක සභාව පිහිටුවීම 9 වැනිදා

සුජිත් හේවාජුලිගේ

වාර අවසාන කිරීම සමග අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක මුල් පුටු ඉදිරියේදී වෙනස් ​ෙවනු ඇතැයි රජයේ ආරචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු කමිටු කිහිපයකම ප්‍රධානීහු නව ජනාධිපතිවරයා පත් කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ස්ථාවරයක් ගෙන කටයුතු කර තිබුණහ.   


පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසි වී ගියේය.   


අහෝසි වූ කාරක සභා නැවත කඩිනමින් පත්කරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා දීර්ඝව සාකච්ඡා කෙරිණ.   


මේ අනුව එහි පළමු පියවර ලෙස තේරීම් කාරක සභාව (Committee of Selection) ලබන 9 වැනිදා පත්කර ගැනීමටද එහිදී තීරණය කර ඇත.   


පාර්ලිමේන්තුවේ සියලු කාරක සභා පත් කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි.