මැතිවරණයක් ගේන්න ජාතික ජන බලවේගය කතාබහක


දයාසීලි ලියනගේ  

මැතිවරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන දේශපාලන පක්ෂ, විද්වතුන් හා සිවිල් සංවිධාන සමග ලබන සතියේ සිට සාකච්ඡා ආරම්භ කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත.

විකෘති පාලනයෙන් ජනතා පාලනයට යන තේමාව මූලික කර ගනිමින් මෙම සාකච්ඡා ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.  


පවතින පාර්ලිමේන්තුව යටතේ රටේ ජනතාවගේ අවශ්‍යතාවලට පිළියම් නොලැබෙන බැවින් වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බව එම පක්ෂයේ අදහස් වී ඇත.  


ඡන්දයක් පැවැත්වෙනවා නම් ඒ සඳහා රජයේ මුදල් අවශ්‍ය නොවන අතර ජාත්‍යන්තර ආධාර ලබා ගත හැකිය යන පදනම මත රටට බරක් නොවී ඡන්දයක් පැවැත්විය හැකි බවට මැතිවරණ දෙපාර්තමේන්තුවට සම්බන්ධව නියෝජිතයන් දක්වන අදහස පදනම් කර ගනිමින් ඡන්දයක් පැවැත්වීමට හැකියාව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.