මැති සබයේ වාර්ෂික ජල - විදුලි බිල කෝටි අටයි


 

(සුජිත් හේවාජුලිගේ)   

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ. 

පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලිය සහ ජලය සැපයීම සඳහා 2020 වර්ෂයේ දී පමණක් රුපියල් හත්කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන්සිය විසි තුනක (74,625,323,28) මුදලක් වැය වී ඇතැයි ද එම වාර්තා පෙන්වා දෙයි. 

 

විදුලිය සහ ජලය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වැය වන්නේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවන්හිදී බව එහි නිලධාරීහු පවසති.   


මැතිසබය රැස්වන අවස්ථාවලදී වායු සමීකරණ පද්ධති සහ විදුලි සැපයුම පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව පවසන එම නිලධාරීහු පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය වෙනුවෙන් වූ වැය බර ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවද පෙන්වා දෙති.