මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400ක ගේ ‘‘හිඟ පොල්ල’’ කෝටි හත්දාහට නගී ,කැඩුණු මාර්ගවලට පැච් විතරයි


සුජිත් හේවාජුලිගේ

මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.  

හිඟ මුදල් ගෙවීමට ඇති කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩි පිරිසක් මාර්ග ව්‍යාපෘති ලක්ෂයේ වැඩ සටහනට දායක වූ අය බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.   
මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් අධිවේගී මාර්ග ඇතුළු මාර්ග ඉදිකිරීම් කටයුතු බො​හොමයක් නවතා දමා ඇතැයි වාර්තා වේ.   


මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් අලුතින් මාර්ග ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇති බවයි.   


කෙසේ වෙතත් මාර්ග අලුත්වැඩියා කටයුතු දිගටම කෙරෙන බවද ඔහු සඳහන් කළේය.   
මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා විදේශයෙන් භාණ්ඩ ගෙන්වීම ද ​ඩොලර් ප්‍රශ්නය නිසා අඩාළ වී ඇතැයි වාර්තා වේ.