මහින්දගේ සහායට ආ දාහක් දින දෙකක්ම අරලිය මැදුරේ හිරවෙලා


(අජන්ත කුමාර අගලකඩ)

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට ඉකුත් සඳුදා (09) පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දහසකට ආසන්න පිරිසක් ඉන් පිටත්ව ගොස් ඇත්තේ දින දෙකකට පමණ පසුව බව දැනගන්නට ඇත.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු‍මුවදොර ඉදිරිපිට සාමකාමී අරගලයට පහරදීම හේතුවෙන් කුපිත වූ පිරිස් අරලියගහ මන්දිරය වටකිරීම නිසා මෙම පිරිස පිටවයාමට නොහැකිව අරලියගහ මන්දිරයේ කොටුවී සිටි බව වාර්තා වේ.


එසේ කොටු වූ පිරිස් අතර මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද සිටි බව දැනගන්නට තිබේ.
කොටු වූ පිරිසට හරියට කෑම බීම පවා නො ලැබුණු අතර, පසුව ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් ඔවුන්ට කෑම ද ලබා දී ඇතැයි දැනගන්නට තිබේ.