මහින්ද - මෛත්‍රී ජනපති කාලේ කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන 1480ක් ගිහින්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ජනාධිපති ප්‍රතිපාදනවලින් සියයට 43ක් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති ප්‍රතිපාදනවලින් සියයට 57ක්ද යොදවා තිබූ බව අනාවරණය වේ.   

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂක ලයනල් ගුරුගේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු කොමිසමෙන් කළ ඉල්ලීමකට ලැබුණු තොරතුරු අනුව මෙම කරුණු හෙළිදරව් වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 සිට 2014 දක්වා රුපියල් මිලියන 630කට අධික මුදලක් වැයකර 2578ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් යොදවා ගෙන සිටි බවද එහි සඳහන් වේ.   


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 සිට 2019 අතර කාලය දක්වා 1317ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් යොදවා ගෙන සිටි බවත් එකී කාලය තුළ රුපියල් මිලියන 850කට වැඩි වියදමක් දරා තිබූ බවත් අනාවරණය වේ. මෙම හිටපු ජනපතිවරුන් දෙදෙනාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා වැයකළ සම්පූර්ණ මුදලේ වටිනාකම රුපියල් මිලියන 1480කි.