මහා පරිමාණ බලශක්ති ව්‍යාපෘති 6 ක් ලබන වසරේ


අංජුල මහික වීරරත්න

මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හයක් ලබන වසර ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොප් 28 සමරුවට ඩුබායි බලා යාමට පෙර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් සමඟ සාකච්ඡා කොට අදාළ ව්‍යාපෘති වාර්තා අධීක්ෂණයට ලක් කොට තිබේ. මේ අනුව මෙගාවොට් 1500කට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හයක් මෙරට ස්ථාපිත කෙරෙයි.


පළමු පුනර්ජනනීය ව්‍යාපෘතිය ලෙස මෙගා වොට් 700ක සූර්ය බල ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට නියමිතය. ඉදිරි මාස 12- 24 ඇතුළත මේ සියලු‍ ව්‍යාපෘති අවසන් කිරීමට නියමිත බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.