මසකට බිලියන 360ක් සොයන්න විදුලි ඒකකයක් රුපියල් 75 කරයි ?


දයාසීලි ලියනගේ

ලංකා විදුලිබල මණ්ඩලයට මසකට රුපියල් බිලියන 360ක ආදායමක් ලබා ගැනීම සඳහා විදුලිය ඒකකයක මිල රුපියල් 75 දක්වා ඉහළ දැමීමට යයි. 

ඒ අනුව සෑම තරාතිරමක නිවසක් සඳහාම ඒකකයකට අය කරන මුදල රුපියල් 75 බැගින් වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ​මේ ​ෙවන විට සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තා වේ. මේ අතර විදුලිබල මණ්ඩලය සතු රුපියල් බිලියන 650ක ණය බේරීම සඳහා රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 100ක ණය මුදලක් ඉල්ලා ඇති අතර එම බැංකුව ණය දීම ප්‍රතික්ෂේප කර  බිලියන 50ක ණයක්  ලබාදීමට  කැමැත්ත දක්වා ඇති බව දැන ගන්නට ඇත.  


ලංකා විදුලිබල මණ්ඩලය මගින් කුඩා බලාගාරවලින් ලබාගෙන ඇති විදුලිය වෙනුවෙන් මේ වසරට සතයක මුදලක්වත් ගෙවා නැති බවද සඳහන් වේ.