මන්ත්‍රීවරුන් දුන් ආදායම් වාර්තා ගැන විගණනයක්


උපුල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 ම මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවත්, ඔවුන්ගෙන් ඇතැමුන් උපයන ලද ආදායම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් වාර්තාවල අන්තර්ගත තොරතුරු නිවැරදි ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විගණනයක් පැවැත්වෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවසුවාය.

මන්ත්‍රීවරුන් අතර සිටින ව්‍යාපාර කරන අයගේ වත්කම් ඉපැයීම් ගැනත් ඒ යටතේ විගණනය වෙන බව ඇය සඳහන් කළාය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙන්නේ තනි පුද්ගල බදු ලිපි ගොනු (අයි.අයි.ටී) ක්‍රමය යටතේ බව ද කොමසාරිස් ජනරාල්වරියා කියා සිටියාය.